ප්‍රමුඛ පුවත 1

කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය

(UTV| කොළඹ) – කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ කල්මුනේ, සයින්දමර්දු සහ සමන්තුරේ යන ප්‍රදේශවල මේවන විට මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස පොලිස් ඇදිරි නීතිය පැනවූ බවයි.

කල්මුණේ සයින්දමර්දු ප්‍ර දේශයේ ත්‍රස්තවාදීන් සැගව සිටින ආරක්ෂක නිවස්නයක් කලින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වටලා ඇත.

එහිදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතරල පිපිරීම් තුනක්ද සිදුවී තිබේ.

නිවසේ  සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බව ආරක්ෂක අංශ විශ්වාසය පල  කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රියැදුරු බලපත්‍ර ලබාදීමේදී සිදුවෙන අක්‍රමිකතා වැළැක්වීමට පියවර

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

“පොදු ජන රළ” සම්මන්ත්‍රණ මාලාව හෙට සිට

Mohamed Dilsad

Leave a Comment