ප්‍රමුඛ පුවත 1

රට තුල මතුව ඇති තත්ත්වය් සමතයකට පත් කරන්න සාමකාමීව සහය දෙන්න – ඇමති රිෂාඩ්

(UTV| කොළඹ) – රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉවසීමෙන්, සහ සාමකාමීව කටයුතු කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රට පුරා ස්ථාන කිහිපය 21දා පෙරවරුවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටී.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද දැක්වේ. රට පුරා ස්ථාන කිහිපය 21දා පෙරවරුවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් මාලාව හේතුවෙන් මම දැඩි කම්පාවටත්, ශෝකයටත් පත්වීමි. එම අවාසනාවන්ත සිදුවීම තරයේ හෙළා දකිමි.

බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාට සාතිශ්‍ය සංවේගය පළ කරමි. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

මේ විපත කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහිව වූවක් නොව අපගේ මාතෘභූමියටත්, සහෝදරත්වයෙන් ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත තත්ත්වයකි.

මෙකී කුරිරු ප්‍රහාර එල්ල කළ මිලේච්ඡ බලවේග මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීමට ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතුය. තිස්වසරක් ත්‍රස්තවාදයෙන් බැට කා ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස හා සාමය ආරක්ෂා කර ගැනීමට මේ අසීරු අවස්ථාවේ ජාති, ආගම්බේදයෙන් තොරව සියලු රටවැසියන් වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කළ යුතුව තිබේ. සාමකාමීව කටයුතු කරමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවෙත සහය වෙන්න.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම පාලනයක් යටතේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කරනවා [VIDEO]

Mohamed Dilsad

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම

Mohamed Dilsad

ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

Leave a Comment