ප්‍රමුඛ පුවත 1

මැයි රැළි අවලංගුයි

(UTV| කොළඹ) – ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි පළවැනිදා කොළඹ නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අවලංගු කර තිබේ.

එකසත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රටේ පවතින හදිසි තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බවයි.

මේ අතර කම්කරු ජාතික පෙරමුණ, ජාතික කම්කරු සංගමය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය සමඟ එක්ව සංවිධාන කර තිබූ මැයිදින පෙළපාලිය සහ රැළිය අවලංගු කළ බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසීය.

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් හේතුවෙන් මියගිය ජනතාවට ගරු කිරීමක් වශයෙන් මැයි දින රැළිය නොපැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේය.

මීට අමතරව ලංකා කම්කරු කොංග්‍රසයේ මැයිදින පෙළපාලිය සහ රැළිය නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ අතර, එය ද අවලංගු කිරීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පත් කළේ වසර 30 කට පසුවයි – ජනපති

Mohamed Dilsad

නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment