ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

(UTV| කොළඹ) –  ප්‍රදේශ රැසක විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ කාලගුණ තත්වයත් සමඟ ගස් කඩා වැටීම් හේතුවෙනි.

මේ වන විට අධි බලැති රැහැන් මාර්ග සහ අඩු රැහැන් මාර්ග යථා තත්ත්වයට පත් කර අවසන් අතර විදුලි ට්‍රාන්ස්පෝමර කිහිපයක් අළුත්වැඩියා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් අද (16) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම විදුලිය ලබාදීම සිදු කළ හැකි බව  සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේය.

ඊයේ පස්වරුවේ පැවති වර්ෂාවත් සමග හටගත් තද සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් කොට්ටාව, හෝමාගම, පාදුක්ක, හොරණ, හංවැල්ල සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අදයි

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ පළවන පුවත් අසත්‍යයි [VIDEO]

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment