ප්‍රමුඛ පුවත 1

බ්‍රික්සිට් පනතට බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

(උදයම්,බ්‍රිතාන්‍යය)  – බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් නික්මීම සඳහා අවස්ථාව සළසමින් එරට සාමි මණ්ඩලය බ්‍රික්සිට් පනත හෙවත් වෙන්වීමේ පනතට අනුමැතිය ලබාදෙයි.ඊයේ මෙමෙ අනුමැතිය හිමි විය.

අගමැතිනී තෙරේසා මේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා වන 50 වන වගන්තිය අද ක්‍රියාත්මක කරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිළ ක්‍රියාවලිය ආරම්භ වන අතර එය වසර දෙකක් තුළ සම්පූර්ණ කිරීමට නියමිතය.මහා බ්‍රිතාන්‍යය,  එංගලන්තය සහ වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයෙන් සමන්විතවේ.

කෙසේ වෙතත් යුරෝපා සංගමයෙන් වෙන්වීම අනුමත නොකරන ස්කොට්ලන්තය, බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම සඳහා නව ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා මීට පෙර පැවැති ජනමත විචාරණයේදී ස්කොට්ලන්තවාසීන් තීරණය කළේ තවදුරටත් බ්‍රිතාන්‍යය කිරීටය යටතේ රැදී සිටියයුතු බවය.

Related posts

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල උපදෙස් සහ අයදුම් පත්‍රය මෙන්න

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

අද (09) සිට වියළි කාළගුණයේ ‌‌‌වෙනසක්…

Mohamed Dilsad

Leave a Comment