ප්‍රමුඛ පුවත 1

පාතාල නායක මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි

(UTV| කොළඹ) – ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මූල්‍යමය සහ දේපළ වත්කම රුපියල් කෝටි 1000කට වැඩි බව අනාවරණ වී තිබේ.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මාර්තු (05) වනදා අත්අඩංගුවට ගත් මධුෂ්ගේ සමීපතමයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කළේ.

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්කුඩු ජාවාරම වන අතර, ඔහු ඉන් ලබා ගත් මුදල් තම ඥාතීන්ගේ නමින් විවිධ ආයෝජනයන් සඳහා යොදවා ඇති බව වැඩිදුරටත් අනාවරණය  වෙයි.

ඩුබායි හි සංවිධාන කර තිබූ උපන් දින සාදයක් අතරතුර පාතාල නායක මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 15 දෙනෙකු පසුව ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment