දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරනු ලබන ශ්‍රී ලාංකිකයින් 4දෙනෙක් බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේදී  එරට ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා (10) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික පුරවැසියන් සිව්දෙනා මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා බෙඩ්ෆෝර්ඩ්ෂයර් පොලිසියේ රඳවා තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කර සිටියේ තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් බවට සැකකරෙන මෙම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් ලුටන් ගුවන් තොටුපළේ බලධාරීන් විසින් සිදුකරනු ලැබූ දැනුවත් කිරීමකට අනුව 2000 වර්ෂයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වෙනි වගන්ති ප්‍රකාරව එම පිරිස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැදපෙරදිග රටවල් දෙකක ලාංකිකයන් 51 ක් අද දිවයිනට

Mohamed Dilsad

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

Mohamed Dilsad

පළාත් කීපයකටම තද වැසි.

Mohamed Dilsad

Leave a Comment