විදෙස්

ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

(UTV|ඉන්දීය) – ඉන්දීය මහා මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට ආරම්භ වී තිබේ.

මෙය  අදියර 7කින් පැවැත්වෙන අතර මහා මැතිවරණය ලබන මැයි මස 19 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලබන මස 23 වන දා ඡන්දය ගණන් කිරීම ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ආසන 545කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගැනීම සඳහා ලබා ගත යුතු ආසන සංඛ්‍යාව 272ක්වේ.

මිලියන 900කට අධික ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්දයභාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මෙවර ඉන්දීය මහා මැතිවරණය මෙතෙක් පැවති ලොව විශාලතම මහ මැතිවරණය වනු ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්

Mohamed Dilsad

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment