විදෙස්

මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරක්

(UTV|මෙක්සිකෝව) – මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේ මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි.

නමුත් එහි සිටි සියලු දෙනා දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.

අනතුරින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මගීන් 97 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු රැගත් එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM 2431 යානය අනතුරට ලක් වූයේ ගුවාඩලුපේ වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මෙක්සිකෝ සිටි අගනගරය කරා පියාසර කරමින් සිටින අතරතුර ය.

අධික වර්ෂාව මධ්‍යයේ යානය ගුවන්ගත කර ඇති අතර අනතුරට හේතුව අයහපත් කාලගුණ තත්ත්වය බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.

මෙම අනතුරට පසු ගුවාඩලුපේ වික්ටෝරියා ගුවන්තොටුපොළ වසා දැමිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කැනඩාවේ කොවිඩ් ආසාදන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

සංක්‍රමණිකයන් පිටුවහල කිරීමට ඇමරිකාවෙන් නව නීති සම්පාදනයක් – ට්‍රම්ප්

Mohamed Dilsad

Leave a Comment