විදෙස්

සංක්‍රමණිකයන් පිටුවහල කිරීමට ඇමරිකාවෙන් නව නීති සම්පාදනයක් – ට්‍රම්ප්

(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ සිටින සංක්‍රමණිකයන් වහාම පිටමං කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ඇමරිකානු ජනපතිවරයාගේ පරිපාලනය සූදානම් වන බව වාර්තා වෙයි.

අධිකරණය මඟ හැර නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැකි නව නීතියක් හඳුන්වා දීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බවත් , එය අද දින ප්‍රකාශයට පත් කෙරෙන අතර, ඉන් පසු ඇමරිකා එක්සත් ජනපදය පුරා වහා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විදෙස් වාර්තා පවසයි.

නව නීතිය යටතේ ඇමරිකා එක්සත් ජනපදය තුළ වසර දෙකකට වැඩි කාලයක් සිටි බවට ඔප්පු කිරීමේ ලිඛිත සාක්ෂි නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැක.

කෙසේ වෙතත් නව සංක්‍රමණික ප්‍රතිපත්තිය අධිකරණයේදී අභියෝගයට ලක් කරන බව ඇමරිකානු සිවිල් නිදහස පිළිබද සංගමය සදහන් කර සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි අද ඊශ්‍රායලයට

Mohamed Dilsad

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

Mohamed Dilsad

Leave a Comment