විදෙස්

බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක අභාවප්‍රාප්ත වෙයි

(UTV| බංග්ලාදේශය) – බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක හුසේන් මොහොමඩ් එර්ෂාඩ් ඩකා අගනුවර රෝහලකදී අද (14) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මියයන විට වයස අවුරුදු 89 ක්වූ ඔහු, දශකයකට අධික කාලයක් බංග්ලාදේශයේ අසහාය නායකයා වූ අතර, 1990 වසරේ පැන නැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලත් සමඟ බලයෙන් පහකරනු ලැබුවේය.

පසුව ඔහුට දූෂණ චෝදනා මත වසර ගණනාවක් සිර දඬුවම් විඳීමටද සිදුවිය.

ඉස්ලාම් දහම බංග්ලාදේශයේ රාජ්‍ය ආගම බවට පත් කරනු ලැබුවේද ඔහුයි.

ඔහුගේ මරණය ස්වභාවික හේතූන් මත සිදුව ඇති බව හිටපු ආඥාදායකයාගේ ජාතිය පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරාන ජනාධිපතිවරණය අද

Mohamed Dilsad

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

Editor O

කොවිඩ් 19 එන්නතක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුභදායී පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment