ප්‍රමුඛ පුවත 1

මධූෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

(UTV| කොළඹ) – ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඔවුන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළ වාර්තා කිහිපයක්ම අද දිනයේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මෙම පිරිස සමග අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පි අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්ධික වෙල්ලපීලී මහතා පවසන්නේ අද(28) දිනයේදී අමල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය පෙබරවාරි 28දා මොවුන් අධිකරණය ඉදිරිපත් කළ අතර නැවතත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණයට කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස් වෙයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතන් සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදාපති ධුරයට.

Mohamed Dilsad

Leave a Comment