විදෙස්

බෝයිං 737 තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැමකට…

(UTV| අමෙරිකාව) – බෝයිං 737 මැක්ස් වර්ගයේ තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැස්වීමකට ලක් කර තිබෙන බව එරට විදෙස් මාධ්‍ය පවසයි.

ෆ්ලොරිඩා සිට කැලිෆෝනියව දක්වා අමෙරිකාවේ සවුත් වෙස්ට් ගුවන් සමාගමට අයත් යානයක් අත්හදා බැලීමේ ගුවන් ගමනක නිරතවෙමින් සිටියදී කිසියම් කාර්මික දෝශයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් අමෙරිකා බලධාරීන් පවසන්නේ මෙහිදී නියමුවන් දෙදෙනා හැරුණුවිට කිසිදු ගුවන් මගියෙකු යානය තුළ නොසිටි බවයි.

මාස 5 ක් ඇතුළත ගුවන් අනතුරු 2 ක් වාර්තාවීම හමුවේ බෝයිං 737 මැක්ස් වර්ගයේ සියලුම ගුවන් යානා භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරිමට බෝයිං සමාගම පියවර ගනු ලැබුවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

නවසීලන්ත මහ මැතිවරණ මසකින් කල් යයි

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු ට්‍රම්ප්ව පැය 24 ක් ගතවීමටත් පෙර රෝහල්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment