විදෙස්

ඉන්දීය ධීවරයින් 53ක් එරට බලධාරීන්ට භාරදෙයි

(උදයම්,කොළඹ) – මෙරට අත්අඩංගුවේ සිටියදී නිදහස් කළ ඉන්දීය ධීවරයන් පිරිස එරට බලධාරීන් වෙත භාරදී තිබේ.

පසුගිය කාලය පුරා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන්  53 දෙනෙකු නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් උතුරු මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත ඊයේ භාර දී තිබේ.

පසුගිය මාස කිහිපය තුළ  මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් රඳවා තිබුණේ යාපනය සහ මන්නාරම බන්ධනාගාරවලයි.

මෙම ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු ධීවර කණ්ඩායම් පසුගිය දිනවල විරෝධතාවල නිරතවුණි.

කෙසේවෙතත් අද පැවැත්වෙන කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි මංගල්‍යය සඳහා පැමිණෙන ඉන්දීය බැතිමතුන් තමිල්නාඩු ධීවරයන් විසින් වළක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුවය ලබා රෝහලෙන් පිටවෙයි

Mohamed Dilsad

අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොලොම්බියිවේ බෝට්ටු අනතුරක් .6ක් මරුට

Mohamed Dilsad

Leave a Comment