ප්‍රමුඛ පුවත 1

අද සිට විදුලිය කැපීම කාල සටහනකට අනුව..

(UTV| කොළඹ) – දෛනිකව අද සිට පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

මෙය උදෑසන 8.30 ත් 11.30ත්, 11.30ත් 2.30ත්, 2.30ත් 5.30ත් අතර පැය 3 ක කාලයක් සහ සවස 6.30ත් 7.30ත්, 7.30ත් 8.30ත්, 8.30ත් 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව එහි සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

ග්‍රීඩ් උපපොළවල් 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබේ.

එම උපපොළවල් මට්ටමින් අදාළ කාල සීමාවන් තුළ විදුලි සැපයුම කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

ඉහළ ධාරීතාවයෙන් යුත් ජෙනරේටර් උදෑසන 8.30 ත් 5.30 අතර කාලයේ සිය සේවා සඳහා යොදා ගන්නා ලෙස ඒවායේ හිමිකරුවන්ට දැනුම් දී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දෛනික වායු සමීකරණ (A/C) භාවිතය සීමා කරන්නැයි ජනතාවගෙන් සහය පතන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය මැයි 23 ඇරඹේ.

Mohamed Dilsad

සා පෙළ ප්‍රථිපල සහතික පත්‍රය ගැනීමට අප්‍රේල් පළමුවනදා සිට අවස්ථාව

Mohamed Dilsad

ලංගම සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment