ප්‍රමුඛ පුවත 1

වලපනේ අනතුරකින් දෙදෙනකු මරුට,50කට වැඩි පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – වලපනේ,රාගල මාර්ගයේ මහව්ව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

54ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් යළි අම්පාර ප්‍රදේශයේ සිය නිවෙස වෙත යමින් සිටියදී ඊයේ(24) රාත්‍රි 07.15ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර රියදුරට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ප්‍රපාතයකට පෙරළී තිබේ.

තුවාලකරුවන් වලපනේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ට්ගාඩ් සභාපති රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

Mohamed Dilsad

යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment