ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල දුෂණ ගැන ජනාධිපති විමර්ශන කොමිසම සාක්‍ෂි විභාගය අරඹයි

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල සිදු වු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අද(25) සිට සාක්ෂි විභාග කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව පළමුවෙන්ම අද මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේ දී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතය.

ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙරටට කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වු අක්‍රමිකතාවයකට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමද සිදු කෙරේ.

2015 වසරේ ජනවාරි මස 15 වන දින සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වු ඇති බව සැළකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කෙරුණි.

පසුගිය 19 වනදා පස්වරුවේ පැමිණිලි භාර ගැනීම අවසන් කෙරුණු අතර රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැළකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිළි  සහ පෙත්සම් 1142ක් කොමිසමට ලැබී තිබුණි.

එම පැමිණිලි සහ පෙත්සම් අතරින් කොමිෂන් සභාව පරීක්ෂා කළ පැමිණිලි 48ක් මුළික  විමර්ෂණ කටයුතු සහා එම කොමිසම යටතේ අනුයුක්තව ඇති පොලිස් ඒකකය වෙත භාර දෙන ලදී.

මෙම මුලික විමර්ෂණ වලට අදාළ පැමිණිළි සම්බන්ධයෙන් මෙම සාක්ෂි සටහන් කර ගැනීම අද දිනයේ සිට සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු ගඟේ ඔරුවක් පෙරලී පුද්ගලයෙකු අතුරුදන්

Mohamed Dilsad

වැට් අඩු කිරීම භාණ්ඩ රැසකට බලපාන්නේ නැහැ

Mohamed Dilsad

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාල චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කිරීමට සුදානම්.

Mohamed Dilsad

Leave a Comment