ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වැට් අඩු කිරීම භාණ්ඩ රැසකට බලපාන්නේ නැහැ

(UTV | කොළඹ) – වැට් බද්ද අඩුකලද එමගින් හාල්, ගෑස්, තෙල් ඇතුලූ භාණ්ඩ රැසක මිළ අඩුවීමක් සිදුනොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එමගින් ඇසුරුම් කරන ලද කුකුල් මස් හා මස් ආශ‍්‍රිත නිෂ්පාදන, ආනයනික කිරිපිටි හා පැණිබීම, ආනයනික සත්ව ආහාර, මිල අඩුවන ආහාර ද්‍රව්‍ය ලෙස   දැක්වේ.

අර්තාපල්, ලූණු, පරිප්පු, පාන්පිටි, සීනි, ටින් මාලු, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් යනාදියටද වැට් බද්ද බලනොපාන බව අධිකාරිය කියා සිටියේය.

එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස යකඩ භාණ්ඩ, සිමෙන්ති, අස්බැස්ටස් සෙවිලි තහඩු, ආනයනික සරනේරු, යතුරු, දොර අගුලූ ආදියෙහි ද මිළ ගණන්ද අඩුවනු ඇත.

මීට අමතරව වාහන අමතර කොටස්ද වැට් බද්ද අඩුවීම නිසා මිළ අඩුවිය යුතු භාණ්ඩ අතර වන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජාල කප්පාදුවක්

Mohamed Dilsad

බ්ලූමැන්ඩල් පාරේ රථ වාහන ධාවනය සිමා කෙරේ

Mohamed Dilsad

මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment