ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළිවෙයි

(UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ස්ථානයක් පවත්වගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් තිදෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 05ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 03ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිය පැවසුවේය.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයා විසින් ඒවා මාරු කිරීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව පොලීසිය විසින් කැළණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මුද්‍රණාගාරය වටලා ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 27 සහ ව්‍යාජ රුපියල් 500 මුදල් නෝට්ටු 04ක් සමඟ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිඝණක යන්ත්‍රයක් ද එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයි

Mohamed Dilsad

මැතිවරණය ජයග්‍රහණය කරවීමට සූදානම් – සජිත් [VIDEO]

Mohamed Dilsad

ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීමේ හැකියාව ඇත්තේ සජිත්ටයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment