ප්‍රමුඛ පුවත 1

කෝටි 04ක රත්‍රං තොගයක් සමඟ 09ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – නීති විරෝධී ලෙස රුපියල් කෝටි 04කට ආසන්න රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයින් 09 දෙනෙක් කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයන් රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී රත්‍රං කැබලි 59ක් සොයා ගෙන ඇත.

එම රත්‍රං කැබලි සොයාගෙන ඇත්තේ  ඔවුන්ගේ මුඛය තුළ, ඇදුම් තුළ සහ භාණ්ඩ රැගෙන යන ගුවන්තොටුපලේ තිබෙන ට්‍රොලි රථවල සඟවාගෙන තිබියදීය

රේගු නිලධාරීන් පවසන්නේ එහි වටිනාකම රුපියල් තුන් කෝටි අනූ දෙලක්ෂයක් පමණ වන බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වව්නියාව, මහනුවර සහ කඩුගන්නාව යන ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් 3දෙනෙක් සහ ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් සිටින බව රේගු නිලධාරීන් වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් පළමු ස්ථානයට ඒම ශ්‍රි ලංකාවේ අපේක්‍ෂාවයි

Mohamed Dilsad

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

2019 විසර්ජන පනත් කෙටුම්පත 09 වැනිදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment