කලා

සම්මාන ලාභී නිල්මිණි සිගේරා මහත්මිය දිවයිනට

(UTV| කොළඹ) – ජපානයේ ඔසාකා ආසියානු 14 වන සිනමා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , එහි තරගකාරී අංශයට ඉදිරිපත් වූ ” අසන්ධිමිත්තා ” චිත්‍රපටයේ රග පෑ නිල්මිණි සිගේරා මහත්මිය දිවයිනට පැමිණෙයි.

ඇය එම සිනමා උළෙලේ හොඳම රංගනය වෙනුවෙන් පිදෙන “යශිකෝ මුතු ” සම්මානය දිනා ගනිමින් අද(19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

එහිදී ඇය පිළිගැනීමට නළු නිළියන් රැසක් එක්ව සිටියහ.

ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන් මාර්තු 8 වන දා සිට මාර්තු මස 17 වන දා දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණි.

රාත්තල් 300 ක් බර තරබාරු කාන්තාවක් වීම නිසා ඇය සමාජීය වශයෙන්  සහ පවුල් කුටුම්භය තුළ පීඩනයට පත් වන ආකාරය , සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත ” අසන්ධිමිත්තා ” නව කථාව ඇසුරෙන් අශෝක හඳගම මහතා විසින් මෙම චිත්‍රපටය නිපදවා තිබේ.

ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතුවලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

සුපිරි චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනයට

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment