කලා

හර්බජාන් සිං ගේ මංගල චිත්‍රපටය ලංකාවේ නිළියක් සමඟ [VIDEO]

(UTV | ඉන්දියාව) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං රංගනයෙන් එක්වූ මංගල චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට නිකුත් වී තිබේ.

ජෝන් පෝල් රාජ් හා ශ්‍යාම් සූර්යා ගේ සම අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටයේ නම “Friendship”.

හර්බජාන් සිං සමගින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළියක් වන ලොස්ලියා මරියානේසන් ද මෙම චිත්‍රපයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

මෙම දමිළ චිත්‍රපටය ඔවුන් දෙදෙනා රංගනයෙන් දායකත්වය දක්වන මංගල චිත්‍රපටයයි.

ශ්‍රී ලංකාවේ කිලිනොච්චි හි උපත ලබා ඇති ලොස්ලියා මරියානේසන් මීට පෙර මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිරූපිකාවක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කර ඇත.

 

Related posts

JOHN WICK 2 ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

2020ට තැබූ අමුතු ගිනස් වාර්තාවන්[PHOTOS]

Mohamed Dilsad

ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50යි.

Mohamed Dilsad

Leave a Comment