ප්‍රමුඛ පුවත 1

සූර්ය බල සංග්‍රාම දෙවන අධියරෙන් ජාතික විදුලි බලයට කිලෝවොට් 2000ක සුර්ය බල පද්ධති 2ක් වවුනියාවෙන්

(UTV|වවුනියාව) – සොබාදහම හා සබැඳෙමින් තිරසර සංවර්ධනය උදෙසා දියත්කළ සූර්ය බල සංග්‍රාම දෙවන අධියර යටතේ ඉදිවූ පළමු ව්‍යාපෘති දෙක වවුනියාව මාමඩුව ප්‍රදේශයේදී විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරණායක මහතාගේ හා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කීරීම සිදුවිය.

මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගවෝට් දෙකක් (කිලෝවොට් 2000ක්) එකතුවනු ඇත. සනි ක්ලයිම් ලංකා (පුද්) සමාගම හා සේරුවාවිල ෆොටෝවොල්ටෙක් (පුද්) සමාගම මගින් මෙම සූර්ය බල ව්‍යාපෘති ඉදිකිරීම සිදුකළ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 340 කි.

යුනිට් 4000 ක පමණ විදුලි බල ශක්ති නිෂ්පානයක්  මෙමගින් අළුතෙන් එක්වීම සිදුවෙයි.  මෙම විදුලි ව්‍යාපෘතිය ප්‍රදේශයේ ඉදිකිරීමත් සමග රැකියා අවස්ථා රැසක්ද අවට ගම්මාන වල තරුණයින් සඳහා සැලසී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත් අද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවකට

Mohamed Dilsad

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment