ප්‍රමුඛ පුවත 1

උතුරේ සියලු පාසල් 13 වැසේ

උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

12 වන දින පසළොස්වක පොහෝ දිනය බැවින් සියලුම පාසල් නිවාඩු බැවින් හා 14 වන සෙනසුරාදා දිනට මෙවර තෛපොංගල් නිවාඩු දිනය යෙදී තිබේ.

 

එබැවින් ඇතිවිය හැකි ගැටළු හේතුවෙන් මෙලෙස 13 වන දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඊ.රවීන්ද්‍රන් මහතා පවසයි.

 

කෙසේ වෙතත් මෙම අතිරේක නිවාඩු දිනය වෙනුවට ජනවාරි 21 වන සෙනසුරාදා දිනයේ උතුරේ පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

Related posts

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

Mohamed Dilsad

35 වන පොලිස් විශේෂ කාර්ය බලකා රණවිරු ගුණසැමරුම අදයි

Mohamed Dilsad

හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment