ප්‍රමුඛ පුවත 1

උතුරේ සියලු පාසල් 13 වැසේ

උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

12 වන දින පසළොස්වක පොහෝ දිනය බැවින් සියලුම පාසල් නිවාඩු බැවින් හා 14 වන සෙනසුරාදා දිනට මෙවර තෛපොංගල් නිවාඩු දිනය යෙදී තිබේ.

 

එබැවින් ඇතිවිය හැකි ගැටළු හේතුවෙන් මෙලෙස 13 වන දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඊ.රවීන්ද්‍රන් මහතා පවසයි.

 

කෙසේ වෙතත් මෙම අතිරේක නිවාඩු දිනය වෙනුවට ජනවාරි 21 වන සෙනසුරාදා දිනයේ උතුරේ පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

Related posts

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

ජින්තුපිටියේ කොරෝනා රෝගියා ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ

Mohamed Dilsad

Leave a Comment