ප්‍රමුඛ පුවත 1

උතුරේ සියලු පාසල් 13 වැසේ

උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

12 වන දින පසළොස්වක පොහෝ දිනය බැවින් සියලුම පාසල් නිවාඩු බැවින් හා 14 වන සෙනසුරාදා දිනට මෙවර තෛපොංගල් නිවාඩු දිනය යෙදී තිබේ.

 

එබැවින් ඇතිවිය හැකි ගැටළු හේතුවෙන් මෙලෙස 13 වන දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඊ.රවීන්ද්‍රන් මහතා පවසයි.

 

කෙසේ වෙතත් මෙම අතිරේක නිවාඩු දිනය වෙනුවට ජනවාරි 21 වන සෙනසුරාදා දිනයේ උතුරේ පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

Related posts

ජනපති උපදේශකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතය තහනම්

Mohamed Dilsad

පුරප්පාඩු මන්ත්‍රි ධූරය පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම් දේ

Mohamed Dilsad

Leave a Comment