ප්‍රමුඛ පුවත 1

අයවැය තෙවනවර කියවීම අද සිට

(UTV| කොළඹ) – 2019 අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (13) ආරම්භ වේ.

අද සිට අප්‍රේල් 05 වනදා දක්වා අයවැය කාරක සභා විවාදය පැවැත්වෙන අතර 05 වනදා පස්වරුවේ තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිතය.

පසුගිය 05වනදා 2019 අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ඊයේ පස්වරුවේ අයවැය දෙවනවර කියවිමේ විවාදයේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්ද 43 කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබී තිබූ අතර අයවැයට විරුද්ධව ඡන්ද 76ක් ලැබී තිබුණි.

මේ අතර අද දිනයේ ජනාධිපති වැය ශිර්ෂය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්විමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේ

Mohamed Dilsad

CTB බස් රථ සඳහා මෙහෙයුම් පද්ධතියක්

Mohamed Dilsad

අද සිට සීගිරිය නැරඹීමට ප්‍රවේශ පත්‍ර‍ අන්තර්ජාලයෙන්

Mohamed Dilsad

Leave a Comment