විදෙස්

වැසිකිලියෙන් සොයා ගත් දේ බලන්න..

(UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක් සොයා ගනී.

ඩුබායි සිට බංග්ලාදේශයේ ඩකා නුවර බලා ඊයේ(11) පැමිණ ඇති මෙම ගුවන් යානය එරට රේගු බලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමේදී මෙම රත්‍රන් සොයාගෙන තිබේ.

බංග්ලාදේශයේ ජාතික ආරක්ෂක බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා. විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රන් කැබලි 106ක් වැසිකිලියේ කණ්ණාඩිය පිටුපස අලවා තිබියදී සොයා ගෙන ඇත. එම රත්‍රන් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9කට ආසන්න වේ.

නමුත් ඒවා මෙලෙස රැගෙන් ආවේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

ඒ පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චිලි රාජ්‍යයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හදා බැලීම අත්හිටුවයි

Mohamed Dilsad

බ්‍රසීලයේ බන්ධනාගාරයක සිරකරුවන් 33 දෙනකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment