ප්‍රමුඛ පුවත 1

2019 අයවැය අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – වත්මන් රජයේ පස් වැනි අයවැය අද (05) පස්වරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

මෙමගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඇතුළු මෙරට ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණු වී තිබේ.

මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇතැයි රජය ගණන් බලා තිබේ.

මෙම අයවැය මගින් ‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන ’ යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට නියමිත අතර දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් පවත්වා ගෙන යමින් මෙරට ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීමට අපේක්‍ෂා කරයි.

ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වනු ඇතැයි විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

අතුරුදන්වූ බවට සැක කළ ධීවර බෝට්ටු යළි පැමිණෙයි

Mohamed Dilsad

බන්දුල සමඟ විශ්ව විද්‍යාල ගැටලු පිලිබඳ සාකච්ඡාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment