ප්‍රමුඛ පුවත 1

මාතෘ හා ළමා සායන ගොඩනැගිලි 02 ක් මතුගම ඉදිකෙරේ.

(UTV| කොළඹ) – සෞඛ්‍ය, ‍‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 17.5 ක් වැය කර මතුගම ඉදිකරන මාතෘ සහ ළමා සායන ගොඩනැගිල්ලට දෙකට  මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

මෙහිදී මතුගම යටදොලවත්ත මාතෘ සායන ගොඩනැගිල්ලට සහ ඉද්දගොඩ මාතෘ හා ළමා සායනට මුල්ගල තැබීම සිදුවූ අතර ඉන්පසු ගැබිනි මව්වරුන් සදහා ආයුර්වේද ඖෂධ වට්ටෝරුවක් ද පිරිනමන ලදි.

මෙම ප්‍රදේශවල ගැබිනි මව්වරුන් ඉතා දුරබැහැර ගොස් සායන කටයුතුවලට සහභාගිවීමේ දුෂ්කරතාවය මඟහැරවීමේ අරමුණින් වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම සායන ගොඩනැගිලි 02 ඉදිකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට උත්සහ දැරූ 4ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

කර්මාන්ත, ග්‍රාමීය ආර්ථික, රාජ්‍ය ව්‍යවසාය වැයශීර්ෂ විවාදයට

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාරය කරන්නවුන්ට එරෙහිව හදිසි නීතිය යටතේ සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment