ක්‍රීඩා

තික්‍ෂිල ද සිල්වා විස්සයි විස්ස සංචිතයට

දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ මස 20 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට සහ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන තික්‍ෂිල ද සිල්වා ඇතුළත්කර තිබේ.
විස්සයි විස්ස පිලේ තේරීම වෙනුවෙන් පැවැති තේරීම් තරගවලදී තික්‍ෂිල දස්කම් දැක්වීම නිසා සංචිතයට ඇතුළත්කර තිබේ.
ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන තික්‍ෂිල වමත් පිතිකරුවකු මෙන්ම දකුණතින් වේග පන්දු යවන්නෙකි.
හලාවත මේරියන්ස් පිල නියෝජනය කරන 23 හැවිරිදි තික්‍ෂිල අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ වේගවත් පිතිකරුවකු ලෙස නමක් දිනා සිටියි.
ඔහුගේ විස්සයි විස්ස ඉනිමක ලකුණු රැස්කිරීමේ වේගය පන්දු 100 කට ලකුණු 144.37 කි.
විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද, කටයුතු කරති.
සිම්බාබ්වේ සංචාරයෙන් පසුව ස්ථානය අහිමිවූ නිරෝෂන් දිල්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විස්සයිවිස්ස  සංචිතයට ඇතුළත්ව සිටිති.

වේග පන්දු යවන්නකු වන ඉසුරු උදාන වසරකට පමණ කාලයකට පසුව විස්සයි විස්ස සංචිතයට පැමිණ සිටියි.
තික්‍ෂිල ද සිල්වා, අසේල ගුණරත්න, සීකුගේ ප‍්‍රසන්න, සචිත් පතිරණ, ලක්‍ෂාන් සදකැන්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා එක වෙති.

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 392 යි

Mohamed Dilsad

එංගලන්තය සහ නවසිලන්තය සමඟින් 2019 ලෝක කුසලාන තරගාවලිය අදයි

Mohamed Dilsad

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment