විදෙස්

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

(UTV| කොළඹ) – සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇප ඉල්ලමින් කරන ලද අභියාචනය ඊයේ (25) එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වංචා දූෂණ චෝදනා කිහිපයක් ඇතුළු  සෞදි අරාබියේ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙලෙස වසර හතක සිර දඬුවමක් විඳිමින් සිටී.

හිටපු අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගත වී තිබෙන අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සඳහන් කරමින් අදාළ අභියාචනය ඉදිරිපත් කර ඇත.

එරට අධිකරණය ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඇප ගැනීමට තරම් හේතුවක් නොවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

ඇල්ජීරියා ගුවන් අනතුරින් 250 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිගෙන් එන්නත්කරණය ගැන ප්‍රතිඥාවක්

Mohamed Dilsad

Leave a Comment