විදෙස්

ඇමරිකානු නව ජනපතිගෙන් එන්නත්කරණය ගැන ප්‍රතිඥාවක්

(UTV | ඇමරිකාව) – තමා බලයට පත්වී පළමු දින 100 තුළ එන්නත් මාත්‍රා මිලියන 100 ක් ජනතාවට ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා ලබාදී තිබේ.

ධවල මන්දිරයේ සම්බන්ධීකාරක ජෙෆ් සියෙන්ට්ස් පවසන්නේ අදාළ ඉලක්කය සපුරාගැනීමට ප්‍රමාණවත් තරමේ එන්නත් සැපයුමක් පවතින බවට තමා විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් එම ඉලක්කයට වැඩි යමක් කළ හැකි යැයි තමා විශ්වාස කරන බව අමෙරිකාවේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆෝචි පවසා ඇත.

මේ අතර නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි ජාතික ආරක්ෂක බලකායේ සෙබළුන් 150ත් 200ත් අතර පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

 

Related posts

රුසියාව අධිවේගී මිසයිල 5ක් අත්හදා බලයි

Mohamed Dilsad

IS සමාජිකයින්ගේ නවතම යුධ උපක්‍රමය හෙළි වෙයි

Mohamed Dilsad

චීනය සිංගප්පූරුවට සහ ඉන්දියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment