ප්‍රමුඛ පුවත 1

විමල්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පොලීසිය විසින් ගොනු කර ඇති නඩුව මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කර ඇත.

ඒ මෙම නඩුව අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

Related posts

ඡන්දය භාවිතා කිරීමේදී වැරදුණොත් අමතර ඡන්ද පත්‍රිකා නැහැ – මැ.කෝ

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවල අරාජිකත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුණාත්මභාවය වැඩි කළ යුතුයි

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment