ප්‍රමුඛ පුවත 1

පූජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ් [VIDEO]

(UTV | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (17) පෙරවරුවේ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙම තීන්දුව දී තිබේ.

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගොනු කර තිබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත් ද අද කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට නියමිත වේ.

මෙම වසරේ අප්‍රේල් 21 වන දාට යෙදී තිබුණු පාස්කු ඉරිදා දිනයේ එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීම යන චෝදනා මොවුන්ට එල්ල වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2017 පාසල් විභාග කාලසටහන මෙන්න

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment