ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවට කඳවු පොලිසියේ අංක තහඩු නොතිබුනේ ඇයි?(වීඩියෝ)

(උදයම්,කොළඹ) – ඊයේ (8) දිනයේදී කථානායකවරයාගේ අණ පිළිනොගත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු ගර්භයෙන් ඉවත් කිරීමට කැඳවු පොලිස් නිලධාරීන්ගේ ඇඳුමේ පොලිස් නිලඇඳුමට අදාල අංක තහඩු නොමැතිවීම පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමුව තිබේ.

මෙම නිලධාරීන්ගේ පොලිස් නිලඇඳුමට අදාල අංක තහඩු නොමැතිවීම හේතුවෙන් එම නිලධාරීන්ගේ අණ පිළිගැනීමට ඊයේ (08) ඇතැම් මන්ත්‍රීවරුන් මැලිවුණි.

මෙහිදී  විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සභාවට පැමිණියේ කැලෑ පොලිසිය බවය. මේ සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමු විය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී පාර්ලිමේන්තු උසස් නිලධාරියෙකු පැවසුවේ එම පොලිස් නිළධාරීන් අංක නොමැතිව පැමිණීමට හේතුව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභා ගැබෙන් ඉවත් කරන විට පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලෙස පොලිසිය පැමිණෙන්නේ ඔවුන්ගේ අංක තහඩු සහ බෙල්ට් නොමැතිව බවය.

[ot-video][/ot-video]

 

Related posts

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් ඉන්ධන පිරවුම් හලක මුදල් කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment