ප්‍රමුඛ පුවත 1

IMF පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාවට අනුමත වෙයිද?

(UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායම සිය නිරීක්ෂණ වාර්තාව අද(20) එළිදැක්විමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ පෙරේදා(18) පැවති සාකච්ඡාවලින් අනතුරුව පස්වන ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ නිරික්ෂණ අද දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙරටට ලබාදීමට නියමිත ණය වාරික සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණි අතර ඔවුන් පසුගිය 18 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා පැවැත්වීය.

මීට අමතරව ඔවුන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ද මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ වන විට මෙරටට ලබාදීමට නියමිත ණය මුදලේ වාරික 4ක් ලබාදී ඇති අතර පස්වන වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලබාදීමට සැලසුම් කර තිබුණි.

නමුත් එවකට පැවති දේශපාලන වාතාවරණය හේතුවෙන් එය ගෙවීම තාවකාලිකව නතර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිව් නිවන් දරු උපතක්

Mohamed Dilsad

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරරේදී විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment