ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩලය ඉහළ දැමීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48 ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45 ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය ආණ්ඩුව විසින් තීරණය කර ඇති අතර අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමැති මණ්ඩලයේ මුළු ඇමැතිවරුන් සංඛ්‍යාව තිහ නොඉක්ම විය යුතුය.

කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්ම විය යුතුය.

එහෙත් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බව දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් කර ඇත.

ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමග එක්ව පිහිටුවනු ලබන ආණ්ඩුවක් බව ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති පක්‍ෂය වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පවසමින් සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කැබිනට් ඇමැතිවරුන් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ ජයග්‍රහණය රටේ අවශ්‍යතාවයක් [VIDEO]

Mohamed Dilsad

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

Mohamed Dilsad

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment