ක්‍රීඩා

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම මෙන්න

(UTV|දකුණු අප්‍රිකාව) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මෙරට වේලාවෙන් අද (13) පස්වරු 1.30 ට ඩර්බන්හිදි ආරම්භවේ.

අබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල් අද තරඟය සඳහා  ක්‍රීඩා කරනු ඇති බව වාර්තාවේ.

එසේම හිටපු නායක දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයේ ඇන්ජලෝ පෙර්රා හෝ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරන බව එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව අද (13) තරගයට ක්‍රීඩා කිරිමට නියමිත සිය අවසන් ක්‍රීඩකයින් 11 දෙනා කණ්ඩායම් ආරංචි මාර්ග විසින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කල හැකි)

1.දිමුත් කරුණාරත්න, 2.ළහිරු තිරිමාන්න 3.කුසල් මෙන්ඩිස් 4.කුසල් පෙරේරා 5.නිරෝෂන් දික්වැල්ල 6. ධනංජය ද සිල්වා 7.අැන්ජලෝ පෙර්රා/මිලින්ද සිරිවර්ධන 8.ලක්ෂාන් සඳකැන් 9.සුරංග ලක්මාල් 10.කසුන් රාජීත 11.විශ්ව ප්‍රනාන්දු

දකුණු අප්‍රිකා කණ්ඩායම (ක්‍රීඩා කල හැකි)

1.ඩෙන් ඇල්ජර් 2.අයිඩෙන මහාක්රම් 3.හෂිම් අම්ලා 4.ෆප් ඩු පිලෙසිස් 5. ටෙම්බා බුවාමා 6. කුවින්ටන් ඩී කොක් 7.වයන් මුල්ඩර්/ ඩෙල් ස්ටෙන් 8.කෙෂව් මහාරාජ් 9.වර්නන් පිලැන්ඩර් 10.කගිසෝ රබාඩා 11. ඩුනේ ඔලිවර්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 45ක ජයක් .

Mohamed Dilsad

Leave a Comment