ප්‍රමුඛ පුවත 1

හාල් මෝල් හිමියන්ට කැබිනට් පත්‍රිකාවක්

(UTV| කොළඹ) – සුළු හා මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටළු සඳහා විසදුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබදව කැබිනට් පත්‍රිකාවක් අද (12) රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනපතිවරයා මේ බව කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ඊයේ (11) පස්වරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදීයි.

නව ආර්ථික ක්‍රමවේද සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ශක්තිමත් ගමනක් යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු විසදමින් සියළු දෙනාට උපරිම සහන ලබාදීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම දිළිඳු ජනතාව ඇති, හැකි පිරිසක් ලෙස නගා සිටුවීමට ප්‍රමුඛත්වය ලබාදෙමින් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාත්‍රී සමජ ශාලා අවට විශේෂ සෝදිසි මෙහෙයුම් අද සිට

Mohamed Dilsad

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට ජනක රණවක පත්කරයි..

Mohamed Dilsad

මැති-ඇමති දීමනාව පරිත්‍යාග කිරීමට දේශපාලන පක්ෂ සුදානම්

Mohamed Dilsad

Leave a Comment