Trending News

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහය

(උදයම්,ඉන්දුනීසියාව) – ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඕස්ට්‍රේලියාව කැමැත්ත පල කරයි.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කැමැත්ත පළකර තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ඊයේ ආරම්භ වූ ඉන්දීය සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අතරවාරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවැත්වූ ද්විපාර්ශවික සාකච්ඡා අතරතුරයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ආර්ථික සහ ව්‍යාපාරික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් ගමනක් යාමට තම රට සූදානම් බව ද මෙහිදී  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම  ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙහිදී ඔහු ආරාධනය කර ඇත.

එහිදී ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉතා නැවුම් ප්‍රවේශයකින් ඉදිරියට ගමන් කිරීම පිළිබඳව ඉන්දීය උප ජනාධිපතිවරයා සිය සතුට පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය සංචාරය අතරතුර දී දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාද හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

குசல் ஜனித் பெரேராவின் அபார ஆட்டத்தில் இலங்கை அணி வென்றது

Mohamed Dilsad

Police use water cannon on teachers’ protest

Mohamed Dilsad

இலங்கைக்கு எதிரான இரண்டாவது டி-20 போட்டி இன்று

Mohamed Dilsad

Leave a Comment