ප්‍රමුඛ පුවත 1

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට 15දාට පෙර අවස්ථාව.

(UTV| කොළඹ) – 2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම, 2019.01.25 දින ගැසට් නිවේදනය තුළ මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහෙත් බොහෝ අයදුම්කරුවන්ට මාර්ගගත ප්‍රවේශයේ දී ඊට ප්‍රවේශවීමේ අපහසුතා පැන නැගී ඇති බව වාර්තා වේ.

නිවේදනයේ සඳහන් වන පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකි වූ හෝ නොහැකි වු හෝ සියලුම අයදුම්කරුවන්ට නිසි උපදෙස් අනුකූලව විධිමත්ව සකස් කරන ලද අයදුම්පත්‍රයක් 2019.02.15 දින හෝ ඊට පෙර හෝ ලියාපදිංචි තැපෑලෙන් නියමිත ලිපිනයට යොමු කිරීම අනිවාර්යය වේ.

ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පතක් යොමු නොකරනු ලබන අයදුම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ පක්ෂ නායක රැස්වීම අද [VIDEO]

Mohamed Dilsad

පොසොන් සමයේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් නිලධාරීන් 2735ක් යෙදවේ

Mohamed Dilsad

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment