ප්‍රමුඛ පුවත 1

කෝටියක කොකේන් සමඟ ඉන්දීය ජාතියෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) -ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙක් වන අතර ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක රුපියල් 1,50,75,000 වටිනා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 ක් බර කොකේන් තොගයක් සඟවා ගෙන ආ බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වමින් සිටියි.

මෙම ඉන්දීය ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරු සංගම් කීපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඥානසාර හිමි ගැන අද තීරණයක්

Mohamed Dilsad

Leave a Comment