ක්‍රීඩා

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේද නව වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුවෙයි.

ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ඒ අනූව කණ්ඩායමේ මානසිකත්වය බිඳ වැටීම, එකමුතුකම නොමැතිවීම සහ විනය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

එසේම ලසිත් මාලිංගව නායකත්වයෙන් ඉවත් කරමින් යළිත් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට පත්කරමින් කණ්ඩායම එකමුතු කිරීම හෝ නිරෝෂන් දික්වැල්ලව නායකත්වයට පත්කරමින් ගැටලූව විසඳා ගැනීම යන කාරණා දෙක සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයිද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කෞෂාල්ට

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායම් පුහුණුකරු චෝදනා වලට පිළිතුරු දෙයි.

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට

Mohamed Dilsad

Leave a Comment