ක්‍රීඩා

ඉන්දීය කණ්ඩායම් පුහුණුකරු චෝදනා වලට පිළිතුරු දෙයි.

(UTV| ඉන්දීයාව) – ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන තරගය පරාජයට පත්වීමත් සමග ඉන්දීය තේරීම් කමිටුවට එල්ල වන විවිධ චෝදනා වලට ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රි පිළිතුරු ලබා දී තිබේ.

ඊට පිළිතුරු ලබා දෙමින් රවී ශාස්ත්‍රි පවසන්නේ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා දක්ෂතාවයෙන් පරිපූර්ණ ක්‍රිඩකයින් පත් කිරීමට පියවර ගෙන ඇති බවයි

රවීන්ද්‍ර ජඩේජා සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට රවී ශාස්ත්‍රි පිළිතුරු ලබා දී තිබේ

එහිදී ඔහු පෙන්වා දෙන්නේ  ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර රවීන්ද්‍ර ජඩේජා ශරීරික යෝග්‍යතාවයෙන් පසු නොවූ බවයි .

නායක විරාත් කෝලිගේ අවශ්‍යතාව අනුව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු යොදාගනු ලැබු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ලබන 26 වනදා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර  තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙල්බන් හීදි ආරම්භ වීමට නියමිතයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කුසල් 20-20 තරඟවල ශ්‍රී ලංකාවේ පළමු තැනට

Editor O

මෙවර IPL තරඟාවලිය ඩුබායිහි දී

Mohamed Dilsad

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment