ප්‍රමුඛ පුවත 1

කිරි පිටි මිල සම්බන්ධයෙන් ලබන සතියේ තීන්දුවක්

(UTV| කොළඹ) – කිරිපිටි මිල සම්බන්ධයෙන් ලබන්ස්තියේ රැස්වන ජීවන් වියදම් කමිටු රැස්වීමේදී ගැඹුරු ලෙස සාකච්ඡා කර තීරණයක් ගන්න බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

කිරිපිටි මිල ඉහළ දැමීමට ඇතැම් සමාගම් කටයුතු කිරීමත් සමඟ රට තුල කිරිපිටි හිඟයක් පවතින බවත් එය වැලක්වීමට දේශීය සමාගම් වලට කිරිපිටි නිෂ්පාදන බද්ද අඩුකිරීමට හෝ කටයුතු කරන්නේද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලබන සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවේදී ගැඹුරු ලෙස සාකච්ඡා කරන බවයි.

මේ අතර මෙරටට ආනයනය කරන ඇතැම් කිරි පිටි ,ඌරු තෙල් , ලැක්ටෝස්  සහ පාම් තෙල් යොදා ගෙන නිපදවන බවට පරීක්‍ෂණ වලින් තහවුරු වී ඇති බවද බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වයඹ විශ්විද්‍යාලය මගින් සහ බ්‍රිතාන්‍යයේදී සිදු කල පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් කිරිපිටි වල තත්ත්වය සම්බන්ධයෙන් හෙට දවසේ පාරිභෝගික නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කරන බවද නියෝජ්‍ය මන්ත්‍රීවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

කිරිවෙහෙරේ වෙඩිතැබීම ගැන පුළුල් පරීක්‍ෂණ

Mohamed Dilsad

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

Mohamed Dilsad

යාපනයේ පවුල් 33,000 ක පුද්ගලයින් 121,000 කට නියගයෙන් දැඩි පීඩා

Mohamed Dilsad

Leave a Comment