ප්‍රමුඛ පුවත 1

සෞඛය සේවාවේ 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

(UTV| කොළඹ) – ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවකයින් 2150 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (05) පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට නියමිතයි.

ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව විශේෂ ශ්‍රේණිය වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 13 ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ 116 ක්, ඖෂධවේදී 176 ක්, විකිරණ ශිල්පී 41 ක්, විද්‍යුත් නිකර්පන රේඛන සටහන්කරු 09 ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී 10 ක්, දන්ත චිකිත්සක 03 ක්, සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී 845 ක්, වෛද්‍ය සැපයීම් සහකාර 53 ක්, නිවාස භාරකාරීනී/භාරකරු 131 ක්, ආහාර නිරීක්ෂිකා 54 ක්, ෆෝක් ලිෆ්ට් 07 ක්, උපස්ථායක (පුහුණුව සදහා) 692 වශයෙන් 2150 කට පත්වීම් ලබාදීමට කටයුතු යොදාඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෂීස් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ

Mohamed Dilsad

“නිල් ආර්ථික” දෙවන අන්තර්ජාතික සමුළුව අද ජකර්තා නුවරදී

Mohamed Dilsad

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment