ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකා කොරියන් ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මාර්තු මස 31වන දින සිසු අයිතියට පත් කිරීමට නියමිත බව සහකාර අධ්‍යක්ෂ චන්දන විදානපතිරණ මහතා පවසයි.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ඉදි කෙරෙන මෙම මධ්‍යස්ථානය සදහා කොරියානු එක්සිම් බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 16.85 ක පමණ අරමුදල් ලබා දී ඇති බවද හෙතෙම පැවසිය.

සිසුන්ට පාඨමාලා 9ක් මෙම මධ්‍යස්ථානයේදී හැදෑරීමට අවස්ථාව ඇති අතර මෝටර් රථ තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, පෑස්සුම් තාක්ෂණය, සී.එන්.ඒ. තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ආදී පාඨමාලාවන් ඒ අතර කිහිපයකි.

මෙහි අරමුණ, කොළඹ නගරය තුළ අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර ශ්‍රී ලංකා තරුණ තරුණියන් උදෙසා වාත්තීය පාඨමාලාවන් රැසක් හදුන්වා දීම බව චන්දන විදානපතිරණ මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහනදායී ණය පහසුකම් ලබාගැනීමේදී කුඩා කර්මාන්තකරුවන්ට ගැටළු රැසක්.

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම අදයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර රැකියා සම්බන්ධ කිසිදු අවබෝධතා ගිවිසුමක් නෑ. ඇමති තලතා කියයි

Mohamed Dilsad

Leave a Comment