ප්‍රමුඛ පුවත 1

යුද හමූදා රෝහලට ISO ප්‍රමිති සහතිකය

(UTV| කොළඹ) – විශ්‍රාමික හා සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක් ලෙස පිළිගනු ලබන කොළඹ යුද හමුදා රෝහලට ප්‍රමිතිකරණ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) වෙතින් පිළිගත් (ISO)සහතිකය පිරීනමනු ලැබීය.

මෙම ගෞරවනීය (ISO) 9001 සහතිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයේ රෝහලක් සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
අති නවීන කොළඹ යුද්ධ හමුදා රෝහල ඇඳන් 1024 ක්, වාට්ටු 21 ක්, දන්ත ශල්‍ය ඒකක 12 ක්, මෙහෙයුම් ශල්‍යාගාර 9 ක්, එම්ආර්අයි ස්කෑන් පහසුකම් (MRI scanning), ඉහළ වහළයේ හෙලිකොප්ටර් පථයක්, ස්වයංක්‍රිය x-ray යන්ත්‍ර, ව්‍යාධිවේදය, විකිරණවේදය සහ සම පිළිබඳ විද්‍යා ඒකක, ප්‍රසුති කාමර සහ ආපන ශාලා, ආසන 314 කින් සමන්විත ශ්‍රවණාගාරයක් සහ රෝගින් 1000 කට අධික ප්‍රමාණයක් දෛනිකව පරික්‍ෂා කරනු ලබන බාහිර රෝගි අංශයකින් සමන්විත ජාත්‍යන්තර තත්ත්වයේ සියලු පහසුකම් සහිත තට්ටු 10ක ගොඩනැගිල්ලකින් සමන්විත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ජෝජියාවට ලඟා වෙයි

Mohamed Dilsad

අනුරාධපුරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනයට තවත් ලංගම අතිරේකව බස් රථ කිහිපයක් සුදානම්

Mohamed Dilsad

Leave a Comment