ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනයට තවත් ලංගම අතිරේකව බස් රථ කිහිපයක් සුදානම්

(UTV| කොළඹ) – අද (20) පස්වරුවේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණදීම සඳහා අතිරේකව බස් රථ යෙදවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

මහජනතාවගේ අවශ්‍යතාව අනුව අතිරේකව බස් රථ 800 ක් යෙදවීමට මේ වනවිට සූදානමින් සිටින බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්. ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේය.

වැටුප් ගැටළුව ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට මීට පෙර තීරණය කර තිබූ අතර අද පස්වරුවේ සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඳිරි නීති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

යාපනයේ තවත් කල්ලියක් දැයි සැකයක්

Mohamed Dilsad

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධ නව චක්‍රලේඛය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment