ප්‍රමුඛ පුවත 1

රේගු නිලධාරීන් අද සිට අකුරට වැඩ

(UTV| කොළඹ) – රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව  බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය දැක්වීම වෙනුවෙන් ඊයේ(30) දිනයේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව අද පෙරවරුවේ සිට එය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් බවට පත් කර තිබේ.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් කටුනායක ගුවන්තොටුපළ, කොළඹ වරායේ මගී සහ අපනයන අංශ හැර ආනයන විමර්ශණ කටයුතු සිදුකරන අංශවල සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ ඊයේ පස්වරු තුනේ සිටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සන්ධානයක්ද?

Mohamed Dilsad

නවසීලන්තයට ගිය පිරිස මීගමුවේදී කොටුවෙයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

Mohamed Dilsad

Leave a Comment